දේශීය

පැය 24 ක් තුළ විදෙස්ගත ලාංකිකයින් 1,664 ක් දිවයිනට

(UTV | කොළඹ) – කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින පෙරවරු 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 45 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,664 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.  

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 16 ක මෙහෙයුම් කටයුතු ද මෙම කාළසීමාව තුළ සිදු කළ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

ඒ අනුව මෙම කාල සීමාව තුළ ගුවන් යානා 22 කින් ගුවන් මගීන් 989 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එමෙන්ම මෙම කාළසීමාව තුළ ගුවන් යානා 23 කින් ගුවන් මගීන් 675 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි.

එම පිරිස අතර පාකිස්තානයේ ලාහෝර් වෙත 129 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 137 දෙනෙකු ද සිටිති.

මෙම කාල සීමාව තුළ මත්තල ගුවන් තොටුපළ තුළ කිසිදු ගුවන් යානා මෙහෙයුම් කටයුත්තක් සිදුනොවූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදේ කැස්බෑවන්ගේ චර්යාත්මක වෙනසක්

Mohamed Dilsad

අගමැති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

Mohamed Dilsad

අනන්‍යතාව හෙළි නොකරමින් තොරතුරු ලබාදීමට පොලීසියෙන් දුරකථන අංකයක්

Editor O

Leave a Comment