විදෙස්

චීනයෙන් නව කුරුළු උණක් – පළමු ආසාදිතයාත් වාර්තා වෙයි

(UTV | චීනය) – නැගෙනහිර චීනයේ ජියැන්ග්සු හි පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්ට H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.   

ඒ අනුව H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වූ බවට තහවුරු කරගත් ලෝකයේ පළමු රෝගියා ඔහු වෙයි.

ජියැන්ග්සු පළාතේ ෂෙන්ජියැං නගරයේ පදිංචිව සිටි මෙම පුද්ගලයාට අප්‍රේල් 23 වන දින උණ වැනි රෝග ලක්ෂණ ඇති වූ අතර ඔහු අප්‍රේල් 28 වන දින ප‍්‍රාදේශීය රෝහලකට ඇතුළත් කළ බව කොමිසම අඟහරුවාදා පැවසීය. ජාන විශ්ලේෂණය අවසන් කිරීමෙන් පසු ඔහුට H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වී ඇත බවට මැයි 28 දින තහවුරු කරගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොමිසම කියා සිටියේ කුරුල්ලන් අතර H10N3 වෛරසය අඩු ව්යාධිජනක බැවින් එය මාරාන්තික නොවන බවයි.

කෙසේ වෙතත් එය මහා පරිමාණ පැතිරීමක් වීමට පවතින තත්ත්වය අතිශයින්ම අඩු බව කොමිසම පවසයි.

රෝගියා ස්ථාවර තත්ත්වයේ පසුවන අතර රෝහලෙන් පිටව යාමට සූදානම් බව කොමිසම පවසයි. ඔහුගේ සමීප සම්බන්ධතා කිසිවක් කුරුළු උණ රෝගයට ගොදුරු වී ඇති බවක් සොයාගෙන නැත.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට

Mohamed Dilsad

ජපානයේ තල්මසුන්ට නරක කාලයක්

Mohamed Dilsad

කොරෝනා එන්නත ලබාගන්නා අයෙකුට ගංජා නොමිලේ

Mohamed Dilsad

Leave a Comment