විදෙස්

මෙල්බර්න් නගරයේ වසා දැමීම් තවත් සතියකින් දීර්ඝ කරයි

(UTV| ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නගරයේ වසා දැමීම් තවත් සතියකින් දීර්ඝ කර ඇත.  

මෙල්බර්න් නුවර පැතිරෙමින් පවතින නව කොරෝනා ප්‍රභේද පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කරයි.

මාස ගණනාවකට පසුව දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ පළමු වැනි කොවිඩ්-19 ආසාදිත සිද්ධිය රජය විසින් වාර්තා කිරීමෙන් පසු මැයි 27දා මෙම අගුලු දැමීම බ්‍රහස්පතින්දා රාත්‍රියේ අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුදු මෙම නවතම තත්ත්වය සමග මෙල්බර්න් නගරය ආශ්‍රිතව එම ලොක්ඩවුන් තත්ත්වය දැන් ජුනි 10දා දක්වා දීර්ඝ කර තිබේ.

මේ හේතුවෙන් මෙල්බර්න් නුවර වැසියන් මිලියන 5 කට පමණ බලපෑම් එල්ලවී තිබේ.

කඩිනම් අගුලු දැමීම්, කලාපීය දේශසීමා පාලනයන් සහ චලනය සඳහා දැඩි සීමාකිරීම් බොහෝදුරට සංවර්ධිත රටවල් අතර දක්නට ලැබුණු ඉහළ කොවිඩ් ආසාදිත සිද්ධීන් සංඛ්‍යාවෙන් වෙන්ව, වඩාත් ප්‍රශස්ත ලෙස ආසාදන පාලනය කිරීමට ඔස්ට්‍රේලියාවට හිමිව ඇත.

Related posts

ග්‍රීන් කාඩ් තාවකාලිකව නවත්වයි

Mohamed Dilsad

කොරෝනා මරණ 3400 ඉක්මවයි – ඉතාලියේ මරණ තවත් ඉහළට

Mohamed Dilsad

සෞදි යුද්ධ ගුවන් යානයක් යේමනයේදී කඩා වැටෙයි

Mohamed Dilsad

Leave a Comment