දේශීය

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

(UTV | කොළඹ) – කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා යන තිදෙනාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය.   

මේ අතර, අදාළ නෞකාවට එය මුදා ගැනීම සඳහා පැමිණි සමාගමේ කිමිදුම්කරුවන් තිදෙනෙකු ගොඩවී නිරීක්ෂණයක නිරත වූ බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම ජලය කිඳා බැසීම හේතුවෙන් නෞකාවේ පසුපස කොටසේ සුළු පහළ යාමක් දක්නට ලැබෙන බව ද නාවික හමුදාව කියා සිටියි.

Related posts

20ට නව සංශෝධන කිහිපයක්

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ජූලි 08 වෙනිදා දක්වා රිමාන්ඩ්

Editor O

රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.. ඔහු ගත් තීරණ රටේ සාර්ථකත්වයට හේතුවක්.. – මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන

Editor O

Leave a Comment