දේශීය

විදුලිය බිඳවැටුණු ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක්

(UTV | කොළඹ) – විදුලි බිඳවැටීම් සිදුව ඇති ප්‍රදේශවල විදුලි සැපයුම අද (28) දිනය තුළ යථා තත්ත්වයට පත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.  

දිවයිනට බලපා ඇති තද සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග බොහෝ ප්‍රදේශවල එලෙස විදුලි සැපයුමට බාධා එල්ල වී තිබුණි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ නිවාස ඒකක 177,000 කට අධික සංඛ්‍යාවකට එලෙස විදුලි සැපයුමට බාධා එල්ල වී තිබූ බවය.

අද දිනය තුළ සියලු ප්‍රදේශවලට විදුලිය ලබාදීමට පියවර ගන්නා බැවින් ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසට විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මාතලේ, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් විදුලි බිඳවැටීම් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලින් ද විදුලි බිඳවැටීම් වාර්තා වුණි.

Related posts

සෞඛ්‍ය නීති කැඩූ ආයතන 1,300 කට නඩු

Mohamed Dilsad

ඡන්ද ය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්

Editor O

කොරෝනා ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

Mohamed Dilsad

Leave a Comment