විදෙස්

ගාසා තීරයේ ගැටුම්වලින් දරුවන් 61 දෙනෙක් ජීවිතක්ෂයට

(UTV | ගාසා) – ගාසා තීරයේ ගැටුම්කාරී වතාවරණය දෙවන සතියටත් පැමිණීම හරහා එම ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 212ක් දක්වා ඉහළ ගොස් තිබේ.   

කෙසේවෙතත් මින් 61 දෙනෙකුම කුඩා දරුවන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඊශ්‍රායෙල් ජාතිකයින් 10 දෙනෙක් ද ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති අතර ඉන් දෙදෙනෙකු කුඩා දරුවන් බව එම වාර්තාවල සඳහන් වේ.

ගාසා තීරයට ඊයේ (17) දිනයේත් දරුණු ප්‍රහාර එල්ල වී ඇති අතර ඊශ්‍රායෙලය ගාසා තීරයේ උමං මාර්ග ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වෙයි.

මෙම රොකට් ප්‍රහාර හේතුවෙන් පලස්තීන රජයේ කාර්යාල සහ විදුලිය සම්ප්‍රේෂණ කටයුතු මෙන්ම යටිතල පහසුකම්වලට ද දැඩි බලපෑම් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊශ්‍රායලය, ගාසා තීරයේ උමං මාර්ග ඉලක්ක කර රොකට් ප්‍රහාර ගණනාවක් එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මධ්‍යධරනී මුහුදට නැගෙහිරින් පිහිටා ඇති ලොව ඇති එකම යුදෙව් රාජ්‍යය වන්නේ ඊශ්‍රායලයයි.

පලස්තීනුවන් ලෙස හැඳින්වෙන අරාබි ජනයා පවසන්නේ යුදෙව්වන් ඊශ්‍රායලය කියා හඳුන්වන දේශය සත්‍යවශයෙන්ම අයත් වන්නේ ඔවුන්ට බවයි.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඡන්ද පොරොන්දුවක්

Editor O

2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉරානය ඉවත් වෙයි

Mohamed Dilsad

ඩොනල්ඞ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී

Mohamed Dilsad

Leave a Comment