දේශීය

යුද හමුදාවේ 4,741 දෙනෙකුට උසස්වීම්

(UTV | කොළඹ) – 12 වන විජයග්‍රාහි සැමරුමට සමගාමීව ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 452 දෙනෙකු සහ සෙසුනිලයින් 4,289 දෙනෙකු මීළඟ නිලයට උසස්කර ඇත.    

ඒ අනුව, බ්‍රිගේඩියර් නිලයෙන් නිලධාරීන් 12 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයෙන් නිලධාරීන් 37 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයෙන් නිලධාරීන් 39 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයෙන් නිලධාරීන් 40 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයෙන් නිලධාරීන් 62 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන් නිලයෙන් නිලධාරීන් 61 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන් නිලයෙන් නිලධාරීන් 201 දෙනෙක් ලුතිතන් නිලයට යනාදී වශයෙන් නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් උසස්කර ඇති බව ද ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

ඊට අමතරව බලලත් නිලධාරි II, 83 දෙනෙකු බලලත් නිලධාරි I නිලයට, මාණ්ඩලික සැරයන් 330 දෙනෙකු බලලත් නිලධාරි II නිලයට, සැරයන් 493 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයට, කෝප්‍රල් 1095 දෙනෙකු සැරයන් නිලයට, ලාන්ස් කෝප්‍රල් 1168 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 1120 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටද 2021 මැයි මස 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිල උසස්වීම් පිරිනමා තිබේ.

Related posts

මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීමෙන් කළේ සාහසික අපරාධයක් – පාඨලී

Mohamed Dilsad

වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳට එරෙහි චෝදනා පත්‍රය නීතිපති ඉල්ලා අස්කරගනී

Mohamed Dilsad

උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment