දේශීය

කොවිෂිල්ඩ් මාත්‍රා දෙකම ගත් ලාංකිකයන් ලක්ෂ 03 කට ආසන්න වෙයි

(UTV | කොළඹ) – මේ වන විට කොවිෂිල්ඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ලාංකිකයන් සංඛ්‍යාව දෙලක්ෂ අනු දෙදහස් හාරසිය පනස් හත දක්වා ඉහළ ගොස් තිබේ.   

ඒ ඊයේ දිනය තුළ තවත් 25, 380 කට එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදිමත් සමගයි.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනය තුළ 49, 507 දෙනෙක්ට ලබා දුන් අතර ඒ අනුව එහි පළමු මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව හාර ලක්ෂ විසි හතර දහස් අටසිය විසි තුනක් බවට පත්වනවා.

ස්පුට්නික් ෆයිව් එන්නත ඊයේ දිනය තුළ එන්නත් කෙරුණේ නැහැ.

මේ දක්වා එහි පළමු මාත්‍රාව ලබාගෙන ඇති පිරිස 14, 699 ක්.

මේ අතර , රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිත බව වර්තා වේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ එලෙස එන්නත් මාත්‍රා 185,000ක් ලැබෙන බවය.

Related posts

රන්ජන් ඇමෙරිකාවට යයි

Mohamed Dilsad

ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදිතයකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් හමුවේ

Mohamed Dilsad

ඩාලි පාරට පොලීසිය යොදවයි.

Editor O

Leave a Comment