ක්‍රීඩා

ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පහතට

(UTV| ඉන්දියාව) – ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම ICC ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අද (13) ප්‍රකාශයට පත් කළේය.    

සෑම වසරකම මැයි මාසයේ දී ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කරන අතර, එහිදී අවසන් වසර තුනක කාලය තුළ ලබා ඇති ජයග්‍රහන මත පදනම්වයි නව ශ්‍රේණිගත කිරීම් සකස් කරනු ලබන්නේ.

ඒ අනුව ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින ඉන්දියාව සහ නවසීලන්තය නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ද තවදුරටත් පිළිවෙලින් පළමු සහ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 121ක් හිමි කර ගෙන ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන නවසීලන්තයට ලකුණු 120ක් හිමිව තිබෙනවා.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔස්ට්‍රේලියාව අභිබවා එංගලන්තය තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 5ක් ද අහිමි වී ඇති අතර, හිමිව ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 78ක්.

දකුණු අප්‍රිකාවට වඩා ශ්‍රී ලංකාව පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 2 ක්.

 

Related posts

ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවා දීමේ ප්‍රකාශයට අමාත්‍යංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

තුන්කොන් තරඟාවලියේ පළමු තරඟය අද

Mohamed Dilsad

18 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ  5 වන තැන ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment