දේශීය

රාජ්‍ය සේවය අවම කාර්ය මණ්ඩලයක් යටතේ

(UTV | කොළඹ) – රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවා අවම කාර්ය මණ්ඩලයකින් පවත්වාගෙන යාමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අද (10) නිකුත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.   

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, මේ යටතේ ගැබිනි මව්වරුන් සේවයට කැඳවීමක් නොකරන බවය.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ අරලියගහ මන්දිරියේ පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බව ලේකම්වරයා සඳහන් කළේ ය.

Related posts

විදුලි බිල සියයට 20%කින් වැඩි කිරීමේ සූදානමක්..!

Editor O

බිත්තර ආනයනය ප්‍රමාද කරන නිර්දේශය

Mohamed Dilsad

උතුරේ ඉඩම් රැසක් හෙට ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment