දේශීය

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී 75 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – කොවිඩ් මර්දන මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම් පිළිබඳ සොයා ඊයේ (04) බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 75 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසීය.   

ඊයේ සවස 4.00 සිට අලුයම 1.00 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම මෙහෙයුමේදී පොලීසිය සමාජශාලා 47ක්, ඔට්ටු මධ්‍යස්ථාන 105ක් සහ සම්භාහන මධ්‍යස්ථාන 133ක් පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී නීතිවිරෝධීව සහ නිරෝධායන නීතින්ට පටහැනිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර අදාළ ආයතනවල කළමනාකරුවන් 7ක්, සේවකයින් 19 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඉතිරි පිරිස එම ආයතනවලට පැමිණ සිටි පුද්ගලයින්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, කොවිඩ් මාර්ගෝපදේශ උල්ලංඝණය කරන ආයතන සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවත් එවැනි ආයතන පවත්වා ගෙන යන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සහ එවැනි ස්ථාන මුදා තැබීමට ක්‍රියා කරන බවයි.

 

Related posts

සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණය යළි සලකා බලන්න – GMOA

Mohamed Dilsad

හම්බන්තොට වරායේ ඇති වාහන නිශ්කාශනය කරගන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

අද ගෑස් පෝලිම්වලට එන්න එපා

Mohamed Dilsad

Leave a Comment