දේශීය

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ඊයේ දින පමණක් 21,715 කට

(UTV | කොළඹ) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා පුද්ගලයන් 139,286 දෙනෙකුට ලබාදී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.   

ඊයේ දිනය තුළ පමණක් 21,715 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබාදීමට හැකිවූ බව ද එම අංශය පවසයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබීමෙන් පසු එන්තත්කරණය ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජනවාරි 29 වනදා සිටයි.

ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 925,242 කුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ අතර , ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1914 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගනු ලැබීය.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 01 ලක්ෂ 15,590 ක්.

 

Related posts

කටුනායක ගුවන් තොටුපළ සඳහා නව මහා මාර්ගයක්

Mohamed Dilsad

නින්ද යෑම නිසා ජීවිතයක් අහිමිවෙයි

Mohamed Dilsad

ආචාර්යය, මහාචාර්යයවරු වැඩිවී පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියටත් අතපසුවීමක් වූ බව පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්

Editor O

Leave a Comment