දේශීය

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වෙන කාල වකවානු සංශෝධනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.   

එමෙන්ම 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර 01ක් සහ මාස 09ක කාල සීමාවක් වන සේ ප්‍රතිව්‍යුහගත කිරීමට ද අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අවම කිරීම මගින් අවම කාලසීමාවක් තුළ ප්‍රථම උපාධි සුදුසුකම ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමට නියමිතය.

Related posts

ඩලස්ගේ සහය සජිත්ට

Editor O

හපුතලේ ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රී, ස්වාධීන මන්ත්‍රී ට ගහලා…!

Editor O

එක් ග්‍රාම නිලධාරි වසමකට අයවැයෙන් රු. මිලියන 200ක්

Mohamed Dilsad

Leave a Comment