දේශීය

පිළියන්දල ඇතුළු තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි

(UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස්හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

පානදුර දකුණ ප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය සහ මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම ද හුදකලා කර තිබේ.

Related posts

තරුණයාව පැහැරගැනීමට උත්සාහ කළ කාන්තාවක් ඇතුළු 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලබන 21 වැනිදා සිට දුම්රිය ධාවනය ඇරඹේ

Mohamed Dilsad

නිශාන්තට හා ලොහාන්ට පෙර දැරූ අමාත්‍ය ධුර තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment