දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙනු ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර ග්‍රාම නිලධාරී වසම් ද මෙලෙස හුදෙකලා කර ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර ඇති බව යුධ හමුදාපතිවරයා නිවේදනය කරයි.

Related posts

මාලිමා ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන්, බලාපොරොත්තු වෙන අපේක්ෂිත ඉළක්ක වලට කිසිසේත් යන්න බැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

ශ්‍රී ලංකා සම්භවයක් සහිත අයෙක්ට කැනඩාවේ ආරක්ෂක අමාත්‍ය ධූරය

Editor O

මහා භාණ්ඩාගාරය,බැංකු සහ රක්‍ෂණ සේවා අත්‍යාවශ්‍ය සේවා ගණයට

Mohamed Dilsad

Leave a Comment