දේශීය

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්න

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව උතුරේ ධීවරයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.   

ගනුදෙනු සහ භාණ්ඩ හුවමාරු සිදු නොකරන ලෙසට ද ධීවරයින්ගෙන් ඉල්ලා සිටින බව ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ කල්‍යාණි හේවාපතිරණ මහත්මිය සඳහන් කළේය.

කහ වැනි නීති විරෝධී භාණ්ඩ ගෙන ඒමෙන් වළකින ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සෞඛ්‍ය ආරක්ෂිතව ධීවර කටයුතුවල යෙදීමෙන් කොරෝනා අවදානමෙන් මෙරට ධීවරයින් ආරක්ෂා කිරීමට හැකි බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින්ට කැඳවීමක්

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment