දේශීය

රිශාඩ් සහ රියාජ් දින 90 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීමේ චෝදනා මත පසුගිය දිනක රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගත්තේය.  

රිෂාඩ් බදියුදීන්ව සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

ඔවුන් දෙදෙනාව CID කණ්ඩායමක් විසින් පාස්කු ප්‍රහාර සම්බන්ධ පරීක්ෂණ සඳහා ප්‍රශ්න කිරීමට පසුගිය 24 වනදා අත්අඩංගුවට ගැණුනි.

රිශාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන්ගේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසකින් දැඩි විරෝධතාවයන් එල්ල වෙමින් පවතියි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් චෝදනා කර සිටින්නේ ආණ්ඩුව මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් “දඩයම් කිරීමක” යෙදී සිටින බවයි.

විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන් පොන්නම්බලම් සඳහන් කර සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම් තම පක්ෂය දැඩිව හෙළා දකින බවයි.

මීට අමතරව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය නියෝජනය කරමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජනය කරමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, ඇතුළු තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් නිවේදන නිකුත් කර ඇත.

 

Related posts

පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

ජනපතිගේ මැයි දින පණිවුඩ

Mohamed Dilsad

මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු STF අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment