විදෙස්

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඵලදායිතාව වයසත් සමඟ ඉහළ යන බව‍ හෙළිවේ

(UTV | කොළඹ) –ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබන පුද්ගලයන්ගේ වයස වැඩිවීම අනුව එහි ප්‍රතිඵලය ඉහළ යා හැකි බව යුරෝපීය ඖෂධ නියාමන ආයතනය පවසයි.

ඒ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ ඇගයීමක් සිදුකිරීමෙන් අනතුරුවයි.

එමගින් ඊයේ නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ රුධිරානු සංඛ්‍යාවේ අඩුවීමක් සමඟ රුධිර කැටිති ඇතිවීමේ දුර්ලභ අවස්ථාවක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණයේදී ඇතිවිය හැකි බවයි.

ඒ සඳහා පවතින්නේ ලක්ෂයකට එක් අවස්ථාවක් බව ද මෙහිදී අවධාරණය කෙරුණි.

කෙසේ නමුත්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ප්‍රතිඵලදායක බව එමගින් ඇති වන අවදානම අභිබවා යන බවද යුරෝපා ඖෂධ නියාමනය අවධාරණය කර සිටියේය.

Related posts

ඉන්දුනීසියාවේ බස් රථයක් පෙරළී 24 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඇමරිකාවේ කොරෝනා මරණ 90,000 ඉක්මවයි

Mohamed Dilsad

බ්‍රසීලයේ හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment