ගොසිප්

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් ගීතා පෙරමුණට

(UTV | කොළඹ) – වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට හැකිනම් ජනාධිපති සමාව ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.  

දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශණය කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පිළිබද විවාදයට එක්වෙමිනුයි මන්ත්‍රීවරිය මෙම ඉල්ලිම කරනු ලැබුවේ.

“රංගන ක්ෂේත්‍රයේ හිටපු ඒ මගේ සහාය රංගන ශිල්පියා, රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ගැන කථා කරන්න ඕන. ඒක මම පක්ෂයක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.

මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පුළුවන්නම් මේ කළාකරුවට කළාවේ නාමයෙන් සමාව දෙන්න කියලා”

මෙම විවාදයට එක්වු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශණය කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයන් පිළිබද බරපතල චෝදනා පවතින බවයි.

Related posts

ශවේන්ද්‍ර සිල්වාට සම්බාධක පනවන්න කියයි

Mohamed Dilsad

විපක්ෂ නායක කාර්යාලය රජයෙන් ඉල්ලු කෝටි 12 ලැබෙයිද?

Mohamed Dilsad

ජනාධිපතිවරයාට අවුරුද්දකින් දේශපාලනය එපා වෙලා

Mohamed Dilsad

Leave a Comment