දේශීය

විමල් වීරවංශට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාට අපහාස වන ආකාරයේ ද්වේෂ සහගත ප්‍රකාශ සිදුකිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට නිකුත් කළ වාරණ නියෝගය දීර්ඝ කර ඇත.

විමල් වීරවංශ මහතා විසින් රිෂාඩ් බදියුදීන් මහතා ඉලක්කර සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වමින් රූපවාහිනී නාලිකා තුනකටද දිසා විනිසුරුවරයා මෙම වාරණ නියෝගය පනවනු ලැබීය.

මුස්ලිම් අන්තවාදය හා පාස්කු කොමිසම යන මාතෘකාව යටතේ පසුගිය 9 වනදා කොළඹ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට බලවත් හානියක් සිදුව ඇති බව පෙන්වා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොණුකර ඇත.

Related posts

කොළඹ සිට බදුල්ල දක්වා දිනපතා විශේෂ දුම්රියක්

Mohamed Dilsad

ආහාර අර්බුදයට, ලංකාවට බංගලාදේශයෙන් අර්තාපල්

Mohamed Dilsad

සංචාරකයින් 1,338 දෙනෙකු, ගුවන්තොටුපොළෙන් රියදුරු බලපත්‍ අරගෙන

Editor O

Leave a Comment