විදෙස්

සේවකයන් 53 ක් ද සමඟ ඉන්දුනීසියාවේ සබ්මැරීනයක් අතුරුදන්

(UTV | ඉන්දුනීසියාව) – සේවක මණ්ඩලයේ 53 දෙනෙක් ද සමග ඉන්දුනීසියාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ගැඹුරු මුහුදේ දී අතුරුදන් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.   

එය සොයාගැනීම සඳහා මේ වන විට මෙහෙයුමක් අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම සබ්මැරීනය බාලි දූපතට උතුරින් ගැඹුරු මුහුදේ අභ්‍යාසයකට එක්වීමෙන් අනතුරුව නැවත පැමිණ නැත.

ජර්මනියේ නිෂ්පාදිත සබ්මැරීනය සොයාගැනීම සඳහා ඉන්දුනීසියානු බලධාරීන් ඔස්ට්‍රේලියාවේ සහ සිංගප්පුරුවේ සහය ද ඉල්ලා තිබේ.

 

Related posts

ඉන්දියාවේ පාසල් හා විශ්ව විද්‍යාල විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

කොරෝනාවෙන් වැඩිම පිරිසක් මරණයට පත්වූ රට බවට ඉතාලිය පත්වේ

Mohamed Dilsad

සවුදි අධිවේගී දුම්රිය ස්ථානයේ ඇති වූ ගින්නකින් 5ක් මරුට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment