දේශීය

පළාත් කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

(UTV | කොළඹ) – සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇති විය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බවය.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිඟුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං හා අකුණු ඇති වේ.

මේ අතර අද (13) දින දහවල් 12.10ට තිකාලි, මලාවි, වන්නිවිලන්කුලම්, ඉදායික්කාඩු සහ ආන්දන්කුලම් යන ප්‍රදේශවලි හිරු මුදුන්ව පවතී.

Related posts

ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින්ට කැඳවීමක්

Mohamed Dilsad

පළාත් හතරකට වැසි

Mohamed Dilsad

Leave a Comment