දේශීය

මියගිය හා ආබාධිත රණවිරු වැටුප්, යැපෙන්නන්ටත් දිවි ඇති තෙක්

(UTV | කොළඹ) – ආබාධිත රණවිරුවනට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මියගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ගෙවීම සඳහා අනුමැතිය ලබාගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව දැන් ඇමති මණ්ඩලයට යොමුකර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (08) රැස්වූ අවස්ථාවේදීය.

ආබාධිත සහ මිය ගිය රණවිරු පවුල්වලට ගෙවන වැටුප් සහ දීමනා පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබුණි.

Related posts

ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත් කරයි

Mohamed Dilsad

මාලිමාවෙන් ඡන්දය ඉල්ලා පැරදුන අයෙකුට තානාපති තනතුරක්..?

Editor O

රට වහන්නේ නෑ. ජනපති යළි ප්‍රකාශ කරයි

Mohamed Dilsad

Leave a Comment