දේශීය

නිරෝධායන රීති කඩ කළ කාන්තාවන් 9 ක් ඇතුළු 11ක් අධිකරණයට

(UTV | කොළඹ) – කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.   

ඊයේ (07) දිනයේ දී එලෙස අත්අඩංගුවට පත් වු පිරිස අතර කාන්තාවන් 9දෙනෙක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අත්අඩංගුවට පත් පිරිස අද (08) දින මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වන දින සිට නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3,436 දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත.

 

Related posts

උත්සව සමය වෙනුවෙන් පොලිස් මෙහෙයුම් අද සිට

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

අවුරුදු 12-15 අතර ළමුන් එන්නත්කරණය සිකුරාදා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment