දේශීය

නිරෝධායන රීති කඩ කළ කාන්තාවන් 9 ක් ඇතුළු 11ක් අධිකරණයට

(UTV | කොළඹ) – කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.   

ඊයේ (07) දිනයේ දී එලෙස අත්අඩංගුවට පත් වු පිරිස අතර කාන්තාවන් 9දෙනෙක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අත්අඩංගුවට පත් පිරිස අද (08) දින මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වන දින සිට නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3,436 දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇත.

 

Related posts

බද්ද වැඩිකරන්න කලින් ආණ්ඩුවට හිතවත් කූඨ ව්‍යාපාරිකයින් ලොකු ලූණු ටොන් 18000ක්, අල ටොන් 23000ක් ගෙන්නලා

Editor O

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි.

Editor O

පෙත්සම ඉදිරිපත් කළ හේතුව ජෙරම්ගේ නීතිඥයා කියයි

Mohamed Dilsad

Leave a Comment