දේශීයව්‍යාපාරික

ඩොලරය තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (07) දිනයේ දී රු. 202.88 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

දිනපතා ප්‍රකාශයට පත්කරනු ලබන විනිමය අනුපාතික සටහන හරහා මහ බැංකුව මේ බව අනාවරණය කර සිටී. අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල ද මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රු. 198.56 ක් දක්වා වැඩි වී තිබේ.

මීට පෙර ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ගැනුම් (රු. 198.00) හා විකුණුම් (රු. 202.70) අනුපාතිකයන් ඊයේ (06) දිනයේ දී වාර්තා විය.

මේ අතර වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී ලංකා බැංකුව රු. 204.78 ක්, මහජන බැංකුව රු. 206.49 ක්, කොමර්ෂල් බැංකුව රු. 203.90 ක් හා සම්පත් බැංකුව රු. 203.50 ක් ලෙසින් අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.

 

Related posts

රජය මැදිහත්ව අනුරාධපුර වට්ටක්කා මිළදී ගැනීමට පියවර

Mohamed Dilsad

උසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරු

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විනාඩි 2කට නිහඩ වෙයි

Mohamed Dilsad

Leave a Comment