දේශීයව්‍යාපාරික

ඩොලරය තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (07) දිනයේ දී රු. 202.88 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

දිනපතා ප්‍රකාශයට පත්කරනු ලබන විනිමය අනුපාතික සටහන හරහා මහ බැංකුව මේ බව අනාවරණය කර සිටී. අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල ද මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රු. 198.56 ක් දක්වා වැඩි වී තිබේ.

මීට පෙර ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ගැනුම් (රු. 198.00) හා විකුණුම් (රු. 202.70) අනුපාතිකයන් ඊයේ (06) දිනයේ දී වාර්තා විය.

මේ අතර වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී ලංකා බැංකුව රු. 204.78 ක්, මහජන බැංකුව රු. 206.49 ක්, කොමර්ෂල් බැංකුව රු. 203.90 ක් හා සම්පත් බැංකුව රු. 203.50 ක් ලෙසින් අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.

 

Related posts

සේපාල් මුදල් හොයාගත් හැටි අධිකරණයේදී එළියට

Mohamed Dilsad

රාගම පාසලක විදුහල්පතිනියක් අල්ලස් ගනිද්දී අල්ලයි

Editor O

චමෝදිගේ මරණය ගැන පේරාදෙණියෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment