ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවට GSP + සහනය

(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාවට GSP + සහනය ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ.

බ්‍රසල්ස් නුවරට රැස් වූ යුරෝපා සංගමයේ විදේශ ලේකම් සහ වෙළෙඳ අමාත්‍යවරුන් ඊට අනුමැතිය පළ කර ඇත.

යුරෝපා සංගමයේ රටවලට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන නිමි ඇඳුම් ඇතුළු අපනයන සඳහා ලබා දී තිබූ GSP + තීරුබදු සහනය පසුගිය සමයේ අහෝසි කිරීමට යුරෝපා සංගමය පියවර ගත්තේය.

ඒ හේතුවෙන් යුරෝපයට අපනයනය කළ ශ්‍රී ලාංකික නිමි ඇඳුම් ක්ෂේත්‍රයට බලපෑම් එල්ල වූ අතර GSP + සහනය යළි ලබාගැනීම සඳහා වත්මන් රජය අවස්ථා ගණනාවකදී උත්සහ දැරීය.

අතරතුර ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ලබාදීමට එරෙහිව පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් විය.

නමුත් පසුගිය 27 වැනිදා ඉදිරිපත් වූ එම යෝජනාවට එරෙහිව ඡන්ද 436 ක් හිමි වූ අතර පක්ෂව හිමි වූයේ ඡන්ද 119 ක් පමණය.

කෙසේ වෙතත් ඔවුන්ගේ එම යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා.

මේ අනුව මෙම ජනාවට යුරෝපා කොමිසම ,යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා අමාත්‍යවරුන් යන අංශ තුනෙන්ම අනුමැතිය හිමිවිය.

Related posts

ගුවන්තොටුපල සහ වරාය කටයුතු අඩාලවීමේ අවධානමක්

Mohamed Dilsad

රේගුවේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි වෙයි…

Mohamed Dilsad

පළාත් 6කට නව ආණ්ඩුකාරවරුන් පත් කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment