ක්‍රීඩා

උතුරු කොරියාව ටෝකියෝ ඔලිම්පික් උළෙලින් ඉවත් වෙයි

(UTV | ජපානය) – කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වසරේදී උතුරු කොරියාව ටෝකියෝ ඔලිම්පික් උළෙලට සම්බන්ධ නොවනු ඇතැයි එරට ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.    

සීතල යුද්ධය මධ්‍යයේ 1988 දී සියෝල් වර්ජනය කිරීමෙන් පසු උතුරු කොරියාව ගිම්හාන ඔලිම්පික් උළෙලලට සහභාගී නොවන පළමු අවස්ථාව මෙය වේ.

එසේම ලොව අති උත්කර්ෂවත් ක්‍රීඩා සැණකෙළිය ලෙස සැලකෙන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ කර අද (06) වනවිට වසර 125 ක් සපිරේ.

මෙහි ආරම්භය වර්ෂ 1896 දී සිදුවූ බව සඳහන්. 1896 වසරේ ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භ විය.

පියරේ ඩී. කුබර්ටන් නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිර්මාතෘවරයා ලෙස සැලකේ.

 

 

 

 

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමට නව කළමනාකාරුවෙක්

Mohamed Dilsad

ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් උළෙල විදේශීය ප්‍රේක්ෂකයන්ට තහනම් වෙයි

Mohamed Dilsad

බංගලාදේශයට 223ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment