දේශීය

ශ්‍රී ලංකාව තුළ ඇස්ට්‍රා-සෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම ලබන 19 දා සිට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබාදීම ලබන 19 වනදා සිට ආරම්භ කරන බව කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.   

අද පාර්ලිමේන්තුවේදී ඇය සඳහන් කලේ ඒ සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 03 ක් වෙන් කර තබා ඇති බවයි.

එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ පළමු අධියර ලබන 19 වනදා සිට ජූනි 30 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර සෙසු පිරිසට අනතුරුව එන්නත ලබාදීම සිදුවන බව අමාත්‍යවරිය කියා සිටියේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නගා තිබූ පැණයකට පිළිතුරු දෙමිනුයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සඳහන් කළේය.

 

Related posts

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 214 දක්වා ඉහළට

Mohamed Dilsad

සීයට 1.2කින් බස් ගාස්තුව ඉහළ දැමීමට අවසර

Mohamed Dilsad

කොටස් වෙළෙඳපොළෙහි දැවැන්ත වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment