ක්‍රීඩා

පාකිස්තාන – දකුණු අප්‍රිකා දෙවන එක්දින තරගය අද

(UTV | දකුණු අප්‍රිකාව) – සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය අදට (04) යෙදී තිබේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වේ.

පාකිස්තාන සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා එක්දින තරග 3ක් ඇතුළත්ය.

එම තරගාවලියේ පළමු තරගය කඩුලු 3කින් ජය ගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමය.

ඒ අනුව තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

මේ අතර දෙරට අතර තරග 4කින් සමන්විත 20යි 20 තරගාවලියක්ද පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය අප්‍රේල් මස 10 වෙනිදා ජොහැන්ස්බර්ග්හිදී ආරම්භ වීමට නියමිතය.

Related posts

ඉර්ෆාන් පඨන් ක්‍රිකට් දිවියෙන් සමු ගනී

Mohamed Dilsad

නුවන් සොයිසාට වසර 06 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

T20 ලෝක කුසලාන තරගයට සිංහයන් දිවයිනෙන් පිටත්ව යයි

Mohamed Dilsad

Leave a Comment