ගොසිප්

මැටි වලින් හදන ක්‍රීම් එකක් ළගදීම වෙළඳපළට

(UTV | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ පරීක්ෂණයකදී මැටි වලින් ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන සාදාගත හැකි බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.  

මෙරටට අවශ්‍ය විදේශ මුදල් ලබා ගෙන ජාතික ආර්ථිකය නගා සිටුවීමට මෙමගින් හැකියාව ලැබෙන බව අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරට සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට ගෝලීය ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම අවශ්‍ය බවත් නව නිර්මාණ සිදුකිරීම තුලින් ලෝකය ජයගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

කොරෝනා වෛරසය ඇත්තටම මිනිසුන්ගෙන් සතුන්ටත් බෝවනවාද ?

Mohamed Dilsad

එජාප නියෝජ්‍ය නායකකම ඥාතියෙකුට යයිද?

Mohamed Dilsad

රතන හිමි දේශපාලනයෙන් සමුගනී..

Mohamed Dilsad

Leave a Comment