විදෙස්

කොරෝනා වැළඳුන සචින් රෝහල්ගත කරයි

(UTV | ඉන්දියාව) – කොරෝනා වෛරසය අසාදනය වීම නිසා දින කිහිපයක් තිස්සේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් හදිසියේම රෝහල් ගතකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

ඔහුගේ පූර්ව ආරක්‍ෂාව සඳහා රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ.

මේ වන විට 47 වැනි වියේ පසුවන තෙන්ඩුල්කාර් පවසා ඇත්තේ තමන් නිවසේදී නිරෝධායනය වෙමින් සිටියත්, වෛද්‍ය උපදෙස් මත රෝහලට ඇතුළත් වූ බවයි.

“ ටික දිනකින් මා ආපසු ගෙදර යනවා.. මට සුබ පැතූ සියලු දෙනාටම ස්තුතියි. අපේ ලෝක කුසලාන ජයග්‍රහණයේ 10 වැනි සංවත්සරය සමරන සියලු දෙනාටත් මගේ හෘදයංගම සුබපැතුම් එක් කරනවා” යයි තෙන්ඩුල්කාර් පවසා ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

 

 

Related posts

සෙල්ෆි ගනිද්දී නගරාධිපතිගේ හිසට වෙඩිතබා ඝාතනය කරයි

Mohamed Dilsad

වසර 50 කට පසුව නොබෙල් භෝජන සංග්‍රහය අවලංගු කරයි

Mohamed Dilsad

හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment