දේශීය

අවුරුදු සමයේ කොළඹ සිට පිට පළාත් සඳහා විශේෂ බස් රථ සේවා 09 දා සිට

(UTV | කොළඹ) – අලුත් අවුරුදු සමය වෙනුවෙන් කොළඹ සිට පිට පළාත් දක්වා විශේෂ බස් රථ සේවා ලබන 09 වනදා ආරම්භ කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.   

ඒ අනුව දිනකට බස් රථ 800 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට නියමිත බවයි ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේය.

අධිවේගී මාර්ගයේ මෙන්ම ජනතාව වැඩි වශයෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන නගර ඉලක්ක කර අමතර බස් රථ සේවා සැළසුම් කරන බවද, පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය.

 

Related posts

නිරෝධායන රීතින් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 433 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සාගල රත්නායක ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment