දේශීය

අවුරුදු සමයේ කොළඹ සිට පිට පළාත් සඳහා විශේෂ බස් රථ සේවා 09 දා සිට

(UTV | කොළඹ) – අලුත් අවුරුදු සමය වෙනුවෙන් කොළඹ සිට පිට පළාත් දක්වා විශේෂ බස් රථ සේවා ලබන 09 වනදා ආරම්භ කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.   

ඒ අනුව දිනකට බස් රථ 800 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට නියමිත බවයි ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේය.

අධිවේගී මාර්ගයේ මෙන්ම ජනතාව වැඩි වශයෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන නගර ඉලක්ක කර අමතර බස් රථ සේවා සැළසුම් කරන බවද, පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය.

 

Related posts

රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් ගැන ආණ්ඩුව වගකීම ගත යුතුයි – සාගර කාරියවසම්

Editor O

තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ඉදිරි පැය 24 තුළ කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment