දේශීය

ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්

(UTV | කොළඹ) – 2020 වසරට අදාළව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් නිකුත් කර තිබේ.    

භාෂණයේ නිදහසට බාධා එල්ලවීම / සිවිල් ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම් / අයුතු බලපෑම් සහ අත්අඩංගුවට ගැනීම් වැනි දෑ අඛණ්ඩව සිදුවෙමින් පවතින බව එහි දක්වා ඇත.

එමෙන්ම ත්‍රස්ත මර්දන පණත යටතේ වන ප්‍රතිපාදන හරහා නීතීඥ හිජාස් හිස්බුල්ලා වැනි අය රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන සිටිම සම්බන්ධයෙන්ද අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කණස්සල්ල පළ කරයි.

යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සිදුවීම්වලට අදාළව මේ දක්වා නිසි වගවීමේ ක්‍රියාවලියක් ආරම්භ කර නොමැති බවද අමෙරිකාව පෙන්වා දෙයි.

Related posts

සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණවලට “සමගි ජන සන්ධානයෙන්”

Mohamed Dilsad

චීනය කොරෝනා එන්නත් තොගය දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පාසැල් දරුවන් පිළිබඳ අනාවරණයක්

Mohamed Dilsad

Leave a Comment