දේශීය

මේ වසරේ පොලිස් නිලධාරීන් 14 දෙනෙක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – 2021 වසරේ මුල් මාස තුන තුළ පොලිස් නිලධාරීන් 14 දෙනෙකු රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රථවාහන පොලිස් මූලස්ථානය පවසයි.   

මින් දහදෙනෙකු මියගොස් ඇත්තේ රාජකාරි කරමින් සිටියදී වන අතර , ඉතිරි සිවුදෙනා රාජකාරියෙන් ඉවත්ව විවේකීව සිටියදී රිය අනතුරුවලට ලක්ව මියගොස් ඇති බව එම මූලස්ථානය සඳහන් කරයි.

2020 වසරේදී රාජකාරියේ යෙදී සිටියදී රිය අනතුරුවලට ලක්ව මියගිය නිලධාරීන් සංඛ්‍යාව 28 ක් වන අතර බරපතළ තුවාල ලැබූ නිලධාරීන් ගණන 89 කි. සුළු තුවාල ලැබූවන් 176කි.

2019 වසරේ රාජකාරි යෙදී සිටියදී රිය අනතුරුවලට ලක්ව මියගිය පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 8 කි. බරපතළ තුවාල ලැබූවන් 60 කි. රිය අනතුරුවලින් සුළු තුවාල ලැබූ නිලධාරීන් සංඛ්‍යාව 66කි.

 

Related posts

බන්ධනාගාරවලට STF ආරක්ෂාව

Mohamed Dilsad

මහ බැංකුව නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඉහළ දමයි

Mohamed Dilsad

විදුහල්පති පත්වීම් ගැන අලුත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment