දේශීය

වෛද්‍යවරුන් 4000 කගේ පුරප්පාඩුක්

(UTV| කොළඹ) – දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් 4000ක පුරප්පාඩු පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණ කරයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යෝජිත සැලසුම් සලකා බලන විට ඉදිරි වසර පහ සඳහා වෛද්‍ය නිලධාරීන් 7000කගේ අවශ්‍යතාවක් පවතින බවද අමාත්‍යාංශය කියා සිටී.

ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවයේ පුරප්පාඩු 50ක් සහ කනිෂ්ඨ පරිපාලන ක්ෂේත්‍රයේ පුරප්පාඩු 75ක්ද පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් පෙන්වා දෙයි. සෞඛ්‍ය ආයතන සහ රෝහල් 140ක පමණ දැනට වැඩබලන අධ්‍යක්ෂවරු පත් කර ඇති අතර ඔවුන්ගෙන් බහුතරය රෝහල් පරිපාලනය හදරා නොමැති වෛද්‍යවරු බව පැවසෙයි.

දැනට රෝහල්, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක මෙන්ම ග්‍රාමීය රෝහල්වට ද අනුයුක්ත කර ඇති වෛද්‍යවරුන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බාහිර හා අභ්‍යන්තර රෝගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

මෙම වෛද්‍ය නිලධාරී පුරප්පාඩු කඩිනමින් පිරවීමට නොහැකි වීමෙන් සියලුම ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස් සීමාව අවුුදු 63 දක්වා වැඩි කිරීමට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඇමැති මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇත. දැනට වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 61කි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ පමණක් විශ්‍රාම යාමේ වයස අවුරුදු 63ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

Related posts

යුක්රේන – රුසියා අවුල ගැන රජය මැද මතයක

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් 2985 දක්වා ඉහළට

Mohamed Dilsad

ඩොලරය 300 සීමාව ට

Editor O

Leave a Comment