දේශීය

ප්‍රදේශ කිහිපයකට සවස් වරුවේ මි.මී 75 ඉක්මවූ තද වැසි

(UTV | කොළඹ) – සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.    

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ආපදා තත්ත්වයෙන් ළමයි 275,000 පීඩාවට

Editor O

දිස්ත්‍රික් 03 ක ග්‍රාම නිළධාරී වසම් 42 ක් හුදෙකලා කරයි

Mohamed Dilsad

කඳුකර කොටියෙකු ඝාතනය කළ පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment