විදෙස්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඉන්දුනීසියානු පල්ලියක් ඉලක්ක කරයි

(UTV | ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ මාකසාර් හි කතෝලික පල්ලියකින් පිටතදී සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

පාස්කු ඉරිදා පළමු දිනය වන ගොක් ඉරිදා යාච්ඤා මෙහෙය සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පල්ලියට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පිපිරීම සිදුව ඇති බවට එරට පොලිසිය පවසයි.

පිපිරීම සිදුවූ ස්ථානයේ තිබී විනාශ වූ යතුරුපැදියක් සහ ශරීර කොටස් සොයා ගත් අතර, පොලීසිය පැවසුවේ ප්‍රහාරකයින් දෙදෙනා මියගොස් ඇති බවයි.

Related posts

බස් රථ අනතුරකින් 27ක් මරුට – තවත් 20 දෙනකුට තුවාල

Mohamed Dilsad

බයිඩන් ක්‍රියාකලාපය ගැන ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දැඩි ලෙස කලබල‌ වෙති.

Editor O

ඩෝරියන් සුළි කුණාටුව අමෙරිකාවට [video]

Mohamed Dilsad

Leave a Comment