දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදෙන්නන් හට මුදල් ත්‍යාග

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු 1997 දුරකථන අංකයට දැනුම් දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග පිරිනමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.   

මේ අතර , කොළඹ අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (26) පෑලියගොඩ පට්ටිය හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 142 ක් සමග 33 හැවිරිදි සැකකරුවෙක් සහ මෝදර ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 6 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 100 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා විවිධ ස්ථානවලදී සිදුකෙරුණු බවය.

එහිදී සැකකරුවන් රැසක් අත්අඩංගුවටගෙන ඇති බවද එවැනි වැටලීම් අඛණ්ඩව සිදුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 

 

Related posts

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විරෝධයක්.

Editor O

කොළඹ පළාත් කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment