ව්‍යාපාරික

රුපියලේ වටිනාකම තවත් පහළ බසී

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (26) නැවත වරක් 201 සීමාව ඉක්මවා පහළ ගියේය.   

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (26) රුපියල් 201.60ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 196.72ක් ලෙසත් දැක්විණි.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය 201 සීමාව ඉක්මවා පහළ ගියේ ඉකුත් (17) වැනිදා ය.

මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 6.5කින් අවප්‍රමාණය වී ඇත.

 

Related posts

මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් – ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

Mohamed Dilsad

තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය 11 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment