දේශීය

සතොස නඩුවෙන් ඇමති ජොන්ස්ටන්ට නිදහස්

(UTV | කොළඹ) – සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා දූෂණය නම් වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ගොනුකර තිබූ නඩුවෙන් චූදිතයින් තිදෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (26) නියෝග කළේය.   

සතොස එවක සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ෆාකීර් යන දෙදෙනාද මෙලෙස නිදහස් කල අය අතර වෙයි.

අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු 05 කින් 02 කට අදාළව විත්තිකරුවන් විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පත් ගොණු කර තිබුණි.

ඒවායින් ඔවුන් නිදහස් කිරීම හමුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවලින්ද නිදහස් කිරීමට අධිකරණය නියම කර ඇත.

 

Related posts

මෙරටින් සොයාගත් ආසාදිතයන් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් බන්ධනාගාර ගත කරයි.

Editor O

ශිෂ්‍යත්වය විභාග ප්‍රශ්න ගැන, අධ්‍යාපන අමාත්‍යාංශය අධිකරණයට කරුණු දක්වයි.

Editor O

Leave a Comment