දේශීය

ලංකාවට මත්ද්‍රව්‍ය එවන අලුත්ම ක්‍රමය මෙන්න [PHOTOS]

(UTV| කොළඹ) – මෙරටට තැපැල් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් අනාවරණයකර ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකිවී තිබේ.   

2020 වසරේ දෙසැම්බර් 27 වන දින ඩුබායි සිට ගුවන් මගින් යම් පාර්සලයක් මෙරටට එවා තිබූ අතර , එම පාර්සලයේ සඳහන් වූ නම ව්‍යාජ එකක් බවට එහිදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව අදාළ පාර්සලය ලබා ගැනීමට කිසිදු පුද්ගලයෙකු පැමිණ නොමැති අතර එය සැකසහිත පාර්සලයක් බවට හඳුනාගෙන තිබේ.

එම පාර්සලය තුළ ගංජා මිශ්‍ර කුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27 ක්, කුෂ් ඔයිල් ග්‍රෑම් 38 ක් තිබී සොයාගැණුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඊට අමතරව පසුගිය ජනවාරි 4 වනදා ප්‍රංශයේ සිට ඩුබායි හරහා තවත් පුද්ගලයෙකුට පාර්සලයක් ලැබී තිබූ අතර ඒ තුළ මත් පෙති 4962ක් තිබී සොයාගෙන ඇත.

No photo description available.

No photo description available.

No photo description available.

Related posts

මෙතෙක් සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවයි

Mohamed Dilsad

ආනයනික අර්තාපල් බද්ද ඉහළට

Mohamed Dilsad

අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අවධානය

Editor O

Leave a Comment