ගොසිප්

ගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති වුනේ මමයි – සජිත් කියයි

(UTV | කොළඹ) – දිනේෂ් ගුණවර්ධන මහතාගේ සූත්‍රයට අනුව පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති විය යුත්තේ තමන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.   

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලක්ෂ 69 ක් ද, තමන්ට ඡන්ද ලක්ෂ 55 ක් ද ලැබුණ බවත් භාවිතා නොකළ ඡන්දද ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ද නිසා ජනාධිපති විය යුත්තේ තමන් බවත් ඔහු පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර , පරිසර විනාශයට එරෙහිව “හුස්ම ගන්න ඉඩ දෙන්න”යි ඉල්ලා සමගි ජන බලවේගය ඊයේ විහාරමහාදේවී උද්‍යානය ඉදිරියේදී විරෝධතාවයක් පැවැත්වීය.

ඒ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

 

Related posts

මහමග ‍රෙස්ලිං ගැසූ පොලිස් නිලධාරියා ගැන යෝෂිත කට අරියි

Mohamed Dilsad

ශලනිටත් කෝවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

කොරෝනා වලට බිය වී මවක් සිය දිවි නසා ගනී

Mohamed Dilsad

Leave a Comment