ක්‍රීඩා

වසර 40ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පැතුම් නිස්සංක තැබූ වාර්තාව

(UTV| කොළඹ) – සිය මංගල ටෙස්ට් තරගයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක් වාර්තා කළ සිව්වැනි ක්‍රීඩකයා ලෙසත් විදේශයකදී එම දක්ෂතාව දැක්වූ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසත් පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්විය.   

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයක් පසුවද්දී පන්දුවට පහර දීම ආරම්භ කළ පැතුම් නිස්සංක ලකුණු 103ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යම් ස්ථාවරත්වයක් ගොඩ නැගීමට සමත් විය.

මෙහි විශේෂත්වය වූයේ, මංගල ටෙස්ට් තරගයකදී විදෙස් රටකදී ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පැතුම් නිස්සංක ඉතිහාසගත වීමය.

වසර 40කට ආසන්න කාලයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විදේශ රටකදී මංගල තරගයේ ශතකයක් රැස් කළ එක ම ක්‍රීඩකයා පැතුම් නිස්සංක වේ.

පැතුම් නිස්සංකට අමතරව මීට පෙර සිය මංගල ටෙස්ට් තරගවලදී ශතක රැස් කළ ශ්‍රී ලාංකික පිතිකරුවන් තිදෙනෙක් වෙති.

 

Related posts

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පාකිස්ථාන ක්‍රිකට් ආයතනයට ලැබුණු පණිවිඩය

Mohamed Dilsad

කෝලි වසරේ වැඩි ලකුණු රැස්කළ ක්‍රීඩකයා වේ

Mohamed Dilsad

එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවමත් ඉන්දියාව අංක එකේ

Mohamed Dilsad

Leave a Comment