විදෙස්

ජපාන මුහුදට, උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාර

(UTV | ජපානය) – ජපාන මුහුදට, උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවට ජපානය සහ ඇමෙරිකාව චෝදනා කරයි.  

ජෝ බයිඩ්න් ඇමෙරිකානු ජනපති ලෙස පත්වීමෙන් පසු එවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වෙයි.

දකුණු කොරියාව සහ ජපානය විසින් එම මිසයිල අත්හදාබැලීම විවේචනය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අනුව – භයානක අවියක් ලෙස සැලකෙන බැලස්ටික් මිසයිල අත්හදාබැලීම උතුරු කොරියාවට තහනම්ය.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ උතුරු කොරියානුවන් විසින් “කහ මුහුද” ට වෙනත් මිසයිල දෙකක් එල්ල කර තිබු පසුබිමකය.

 

Related posts

ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ ට

Editor O

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් අමෙරිකානුවන් 9 ක් මරුට

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය වැසේ

Mohamed Dilsad

Leave a Comment