විදෙස්

සුවස් ඇලේ සිරවූ බහාලුම් නෞකාව හේතුවෙන් ලෝපුරා භාණ්ඩ බෙදා හැරීමට බාධා [PHOTOS]

(UTV | කොළඹ) – ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සුවස් ඇල හරහා ටොන් ලක්ෂ 02ක් පමණ බරකින් යුත් භාණ්ඩ අඩංගු නෞකාවක් සිරවීම නිසා මේ වන විට එම ඇල හරහා නෞකා ගමනයට බාධා එල්ලවී තිබේ.   

“MV Ever Given” නම් මෙම නෞකාව දිගින් අඩි 1,312 ක් වන අතර පළල අඩි 175 ක් වන බහාලුම් ප්‍රවාහන නෞකාවක් වේ.

නෞකාවේ කපිතාන්වරයා සඳහන් කර සිටියේ ඇතිවූ වැලි කුණාටුවක් හේතුවෙන් නෞකාවේ ඉදිරි දර්ශන පථය අවහිරවීම නිසා මෙම අනතුරට හේතුව වූ බවයි.

මෙම නෞකාව සිරවිමත් සමග ඊට පසු පසින් තවත් නෞකා 100ක් පමණ පෙළ ගැසී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට සහන කණ්ඩායම් විසින් සුවස් ඇලේ එක් ඉවුරක් විශාල කරමින් සිරවී තිබෙන “MV Ever Given” නෞකාව ක්‍රමයෙන් යාත්‍රා කිරීමට හැකිවන ලෙස අවශ්‍ය කටයුතු සකස් කරලීමට දැඩි උත්සහයක නිරතව සිටින බව වාර්තා වෙයි.

සුවස් ඇල හරහා නෞකා ගමනා ගමනයට බාධා එල්ලවී තිබීම නිසා එම තත්ත්වය මගහැර යාත්‍රා කිරීමට නම් අප්‍රිකානු මහ්ද්ධිවිපය හරහා යාත්‍රා කිරීමට නෞකාවන්ට සිදුවන අතර ඒ සඳහා අවම වශයෙන් දින 10 ක කාලයක් ගතවන අතර යාත්‍රා කිරීමට සිදුවන අමතර දුර ප්‍රමාණය නාවික සැතපුම් 5000 ක් වෙයි.

ගෝලීය බහාලුම් නෞකාවලින් 30 % ක් දෛනිකව යාත්‍රා කිරීම් සිදුකරන්නේ සුවස් ඇල හරහායි.

 

 

Related posts

ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් එක් දිනකට කොවිඩ් නිසා මරුට

Mohamed Dilsad

වසර 50 කට පසුව නොබෙල් භෝජන සංග්‍රහය අවලංගු කරයි

Mohamed Dilsad

අදානි ගැන සොයන්න ස්වාධීන කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment