දේශීය

කොටුගොඩ ධම්මාවාස නා හිමිගේ ආදාහන පූජෝත්සවය අද – විශේෂ රථවාහන සැලැස්මක්

(UTV | කොළඹ) – අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (25)පස්වරුවේදී සිදුකිරීමට නියමිතයි.   

ශ්‍රී දේහය තැන්පත් කර ඇති ගල්කිස්ස, ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ සිට ආදාහන පූජෝත්සවය පැවැත්වෙන කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා දේහය වැඩමවීමෙන් අනතුරුව පස්වරු 1.30 ට පූජෝත්සවයේ වැඩකටයුතු ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

අපවත් වී වදාල පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහර අද පස්වරු 1.00 ට ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

රිය පෙරහැර ශ්‍රී ධර්මපාල මාවත ඔස්සේ ගාලු පාරට පිවිස වමට හැරී දෙහිවල / වැල්ලවත්ත පසුකර ගාලුපාර බම්බලපිටිය වජිර පාරෙන් හැව්ලොක් පාරට පිවිස වමට හැරී තුම්මුල්ල මංසන්ධියට පැමිණෙනවා. ඉන් අනතුරුව තර්ස්ටන් පාර / කේම්බි්‍රජ් පෙදෙස / ජාතික කෞතුකාගාර හදිංයෙන් දකුණට හැරී ඇල්බට් චන්ද්‍රවංකය හරහා ගමන් කර නන්දා මෝටර්ස් හංදියෙන් දකුණට පැමිණීමට නියමිතයි.

නිදහස් වටරවුම / නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය ඔස්සේ රිය පෙරහැර නිදහස් චතුරස්‍රයට ලඟා වන්නේ පස්වරු 3.00 ටයි.

මෙම කාළ සීමාව තුළ රථවාහන තදබදය අවම කර ගැනීම සදහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

 

Related posts

මාස 06කට පසු ඩොලරයේ අගය ශ්‍රී ලංකා රුපියල් 300 ඉක්මවයි.

Editor O

හෙට කොළඹට පැය 18 ක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment