ගොසිප්

අවසන් මොහොතේ දී සිදත් වෙත්තමුණිගෙන් සනත්ට ලැබුණු උපදෙස

(UTV| කොළඹ) – රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් මහ තරඟයට ක්‍රීඩා කිරීමට පෙර සිය පිතිකරණය සම්බන්ධයෙන් තමන් හිටපු ක්‍රීඩක සිදත් වෙත්තමුණිගෙන් උපදෙස් ලබා ගත් බව සනත් ජයසූරිය කියා සිටියි.   

ඔහු කියා සිටියේ තමන් පන්දු යැවීමේ අංශයෙන් දස්කම් දක්වනු ලැබුවත් පිතිකරණ අංශයෙන් පසුබෑමකට ලක්ව සිටිය බවයි.

මේ සම්බන්ධයෙන් තමන් සිදත් වෙත්තමුණිගෙන් උපදෙස් ලබා ගත් බව ද සනත් ජයසූරිය ප්‍රකාශ කරයි.

වයසත් සමග පිතිකරණයේ යෙදීමේදී දෑත්වල ක්‍රියාකාරිත්වය මන්දගාමී වීමනිසා පෙර මෙන් හොදින් දස්කම් අතරට ඒමට නොහැකිවීම ඊට හේතුව බව සිදත් වෙත්තමුණි මෙහිදී තමන්ට පැහැදිලි කර දුන් බව ජයසූරිය සඳහන් කළේය.

මේ නිසා පිතිකරණයේදී වේගයෙන් දෑත්වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නා ලෙස උපදෙස් ලද බවයි ජයසූරිය සඳහන් කළේ.

ඒ අනුව ඉන්දියාව අතර පැවති තරගයේදී සිදත් වෙත්තමුණි ලබාදුන් එම උපදෙස් අනුව තමන් ක්‍රියාකළ බවත් , පන්දු කිහිපයකට මුහුණ දීමෙන් අනතුරුව තමන් සුපුරුදු රිද්මය අනුව පැමිණි බවත් ජයසූරිය පවසා සිටී.

ඉන්දීය කණ්ඩාමේ නායක සචින් තෙන්ඩුල්කාර් ද තමාගේ අවසන් ඉනිමේ පිතිකරණය සම්බන්ධයෙන් ප්‍රශංසා කළ බව මෙහිදී ජයසූරිය සඳහන් කර සිටියේය.

 

 

Related posts

පාරු අනතුරින් කින්නියා වැසියෝ ,මුස්ලිම් කොංග්‍රස් මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති..

Mohamed Dilsad

ඔමික්‍රෝන් හින්දා දකුණු ආසියානු රටවල් අවදානම් මට්ටමක..

Mohamed Dilsad

ගව ඝාතනය තහනම්.

Mohamed Dilsad

Leave a Comment