දේශීය

පාකිස්තානය 81 වන ජාතික දිනය සමරයි [VIDEO]

(UTV | කොළඹ) – පාකිස්තානය ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමෘද්ධිමත් රටක් බවට පත් කිරීමේ සන්දර්භය තුළ පාකිස්තානයේ ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ වෙසෙන පකිස්ථාන ප්‍රජාව අද 81 වන පකිස්තාන දිනය සමරනු ලැබීය.  

පාකිස්තානයේ ජාතික දිනය සෑම වසරකම මාර්තු 23 වන දින සමරනු ලබන්නේ ලාහෝර් හි 1940 දී සම්මත කරන ලද ඓතිහාසික යෝජනාව සිහිපත් කරමිනි.

මෙම ඓතිහාසික යෝජනාව උප මහාද්වීපයේ මුස්ලිම්වරුන් සඳහා වෙනම නිජබිමක් ඉල්ලා සිටිමින් අවසානයේ 1947 අගෝස්තු 14 වන දින පාකිස්තානය බිහි කිරීමට හේතු විය.

පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මොහොමඩ් සාද් කටැක් අද උදෑසන පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ පැවති උත්සවයකදී පාකිස්තානයේ ජාතික ගීය වාදනය කරමින් සිටියදී පාකිස්තාන ධජය ඔසවා උත්සවය ආරම්භ කළේය.

පාකිස්තාන ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ විශේෂ පණිවිඩ මෙහි කියවනු ලැබීය. මෙම විශේෂ පණිවුඩයේ නායකයින් දෙදෙනා මෙම දවසේ වැදගත්කම සහ කයිද්-ඊ-අසාම් මුහම්මද් අලි ජින්නා, ආචාර්ය අල්ලාමා මුහම්මද් ඉක්බාල් සහ අනෙකුත් නායකයින්ට සිය උපහාර දැක්වීය.

උත්සවය අවසානයේදී, පාකිස්තානයේ ජාතික දිනය නිමිත්තෙන් කේක් එකක්ද මහ කොමසාරිස්වරයා විසින් කපා හරින ලද අතර, මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ වෙසෙන පකිස්ථාන ප්‍රජාව, විවිධ සාමාජිකයින් සහ මාධ්‍ය නියෝජිතයින් සහභාගී විය.

 

 

 

Related posts

මහ මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

ආනයනික ලොකු ලූණු සඳහා රු. 100ක බද්දක්…?

Editor O

අල්ලස් ගත් නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment