දේශීය

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

(UTV | ගම්පහ) – ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (23) පෙරවරු 09 සිට පැය 06 ක කාලයක් ජල සැපයුම අත්හිටුවෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි. 

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි විදුලි අලුත්වැඩියාවක් ඊට හේතුවී ඇත.

ඒ අනුව , පෑලියගොඩ / වත්තල / ජා-ඇළ / කටුනායක සහ සීදුව යන නගර සභා බල ප්‍රදේශ ඊට අයත්.

කැළණිය , වත්තල , බියගම, මහර , දොම්පේ , ජා-ඇළ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකද ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේය.

 

Related posts

ඊශ්‍රායලය ගත් තීරණය ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කකණගාටුව පළ කරයි

Editor O

දරුවන්ට සිදුවන අපයෝජනයන්ට එරෙහිව ළමා අධිකාරිය නීති දැඩි කරයි

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment